හොලිවුඩ් නළු නිළියන් 160 000ක් වැඩවර්ජනයක…

හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩ වර්ජනයකට සම්බන්ධ වන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රංගන ශිල්පීන් 160,000ක් පමණ මෙම වැඩවර්ජනයට සම්බන්ධ වන අතර Netflix, Walt Disney ඇතුළු චිත්‍රපට සමාගම් ඉදිරිපිට මෙම විරෝධතා දක්වන බවයි සඳහන් වන්නේ.

මූලික වැටුප්, අනෙතුත් වැඩිකිරීම් සහ කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවන ලද මුහුණු සහ කටහඬ, නළුවන් භාවිතා නොකරන බවට සහතිකයක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම වර්ජනය හේතුවෙන් එක්සත් ජනපදයේ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනවලින් බහුතරයකට බලපෑම් සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *