මෙරට සෞඛ්‍ය අංශය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සහයෝගය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.


