“කෘතීම බුද්ධිය සමඟ අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට හිඟ මානව සම්පත කළමනාකරණයට අද සිටම පියවර ගත යුතුයි”සුසිල් ප්‍රේමජයන්ත

ඉතා කෙටි කාල සීමාවක් තුළ වේගයෙන් දැනුම දෙගුණ වන ලෝකයක කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සිදු වන අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට නම් අප මේ අවස්ථාවේ සිට ම හිඟ මානව සම්පත මනා ව කළමනාකරණය කරගනිමින් ප්‍රශස්ථ සේවයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.  

වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරු දැනු‍වත් කිරීමේ         වැඩසටහනට එක් වෙමිණි.

ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන්  වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව ද ඉන්පසු ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *