ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ විශේෂ කාරක සභාවෙන් සජබ සහ ජාපබ ඉල්ලා අස් වෙයි!

රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඉවත්වීමට තීරණය කර ඇත.

14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති. ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ එම කාරක සභාවෙන් තමා ඉල්ලා අස් වූ බවයි.

ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ය.

ඔහු එම කමිටුවට පත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගියදා කතානායකවරයාට සිය විරෝධය පළ කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *