ජනසභා ක්‍රමයට රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය…

ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය පළ වී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සහයෝගයන් ලබා දීමට ද එම සංවිධානවල එකඟතාවය පලකර තිබේ.

ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම දැනුවත් කිරීම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කල අතර දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.

මෙම දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර ඇතුළු  ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *