දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමේ යෝජනාව සංශෝධන සහිතව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.
යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122 කි.
යෝජනාවට විපක්ෂව ඡන්ද 62 ක් ලැබුණි.
තවත් කථිකයින් ලැයිස්තුගතව සිටියදී ඡන්ද විමසීම සිදු කිරීමට තීරණය කිරීම පිළිබඳව විපක්ෂයේ දැඩි විරෝධය පළ විය.
කෙසේ නමුත් රාත්‍රි 7.30 ට ඡන්දය විමසීම සිදු කිරීමට කතානායකවරයා තීරණය කළේ ය.
ඒ අනුව වැඩි ඡන්ද 60 කින් දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමේ යෝජනාව සංශෝධන සහිතව සම්මත විය.


