දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය…

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඊට අදාළ යෝජනාව අද (ජූනි 28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබිණි.

එහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.

ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිත බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *