සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිර වීමෙන් 09 හැවිරිදි දරුවෙක් මිය යයි!

තම නිවසේ කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක වාසය කළ 09 හැවිරිදි දරුවෙකි.

සාරියකින් බැඳ තිබු තොටිල්ලක ගෙළ සිරවී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

නිවසේ සිටින තවත් කුඩා දරුවකු වෙනුවෙන් බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ පසුගිය 27 වනදා දහවල් කාලයේදිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *