ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වෙයි!

සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ජාතික රුපවාහිනියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස මෙන් ම ජාතික රුපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය.

1994 වසරේදී ඔහු ගුවන් විදුලි සංස්ථාවෙන් හරහා රුපවාහිනි නාට්‍ය අංශයට එක් වන්නේ ය.

ඔහු කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස්ගේ බාල පුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *