දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සජබ සම්පූර්ණයෙන්ම විරුද්ධයි!

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු නම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන අදහස් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ණය කපා හැරීමකින් තොරව යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරනවා නම් රජය ලබාගත් ණය ඒ ආකාරයෙන්ම ගෙවිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් රජයේ යෝජනාව සම්බන්ධයෙන් තවමත් නොදන්නා බවත් එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවත් එම යෝජනාවලිය ප්‍රකාරව සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *