හබරාදූව විහාරස්ථානයකදී සංචාරක කාන්තාවකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට….

හබරාදුව බෞද්ධ විහාරස්ථානයකදී යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පසුගියදා (21) ඔහු විසින් එම කාන්තාවට ලිංගික අතවර කර ඇත.

උණවටුන ප්‍රදේශයේ හෝටලයක පදිංචිව සිටින මෙම සංචාරක කාන්තාව, හබරාදුව බෞද්ධ විහාරස්ථානයට නිතර පැමිණෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකරු විහාරස්ථානයේ බෝධිය වැඳපුදා ගනිමින් සිටි කාන්තාව වෙත පැමිණ විහාරස්ථානයේ තවත් කොටසක් වැඳපුදා ගැනීමට ආරාධනා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුගේ ආරාධනයෙන් අදාළ ප්‍රදේශයට ගොස් වැඳපුදාගත් කාන්තාව, එම ස්ථානයෙන් පිටව යෑමේදී ඔහු විසින් ලිංගික අතවර කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *