අර්තාපල් බහාලුමක තිබී හෙරොයින් 16kg ක් සොයා ගනියි…

බහාලුමක තිබී රුපියල් මිලියන 500ට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා.

පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයේ ශීතකරණ යන්ත්‍රය තුළ මෙම හෙරොයින් සඟවා තිබුණ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත මෙම හෙරොයින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම අර්තාපල් ලංකාවට ගෙන ආ ආයතනයේ එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරමේ ඉතිරි පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *