ඇමති අලි සබ්‍රි නිල සංචාරයක් සඳහා චීනයට…

නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

චීනයෙන් ලද ආරාධනාවකට අනුව ඇමැතිවරයා මෙම සංචාරය සිදුකරනු ලබයි.

ඒ අනුව, ජුනි 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ඇමැතිවරයා චීනයේ සංචාරය කිරීමට නියමිත බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

චීනය මේ වනතුරුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවක් වන ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමේ අවසන් එකඟතා පළකර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *