ඉන්දියානු බලශක්ති සමාගමකින් ලංකාවට කෙටිකාලීන විදුලිබල ව්‍යාපෘති සැලසුමක්!

ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජී. (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නා තුරු විදුලි බල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වාභාවික වායු (LNG) මඟින් ජනනය ආරම්භ කරමින් විදුලි බල උත්පාදන කිරීමෙන් වියදම අවම කර ගැනීම කළ හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

මෙම සාකච්ඡාවට පැමිණි ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙරටට දෙන සහය වෙනුවෙන් තමා ස්තූතිය පළකරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මෙම සාකච්ඡාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ පෙට්‍රොනෙට් LNG සමාගමේ නිලධාරීහු ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *