දූෂණ විරෝධි පනත් කෙටුම්පත් විවාදය කල් යයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල් ගියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ, මෙම පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය මීළඟ සභා වාරයේදී තවත් දින දෙකක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බවට නීති ගරුක සහ විනය ගරුක සමාජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව කර ඇති ඉල්ලීමද සැලකිල්ලට ගෙන විවාදය සඳහා තවත් දින දෙකක් ලබාදීමට තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් සදහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පැවසුවේ, මෙම පනත සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

පනත සම්මත කිරීමට පෙර ඒ ගැන තවදුරටත්  සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *