සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ කාලය දීර්ඝ කෙරේ…

සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සංගීත සංදර්ශන අවසන් කිරීම අලුයම 1.00 දක්වා දීර්ඝ කර ඇති අතර, ඉරිදා දිනවල සංගීත සංදර්ශන සහ අනෙකුත් විනෝදාත්මක සංදර්ශන අලුයම 12.30 දක්වා පැවැත්විය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩු තීන්දුවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කරයි.

එමෙන්ම, සංගීත සංදර්ශන පැවැත්වීමේදී ආගමික ස්ථාන සහ රෝහල් අතර සාධාරණ දුරක් තබා ගත යුතු බව ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *