මේ දිනවල මෙරට උපකාරක පන්ති අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ඒවායේ අයකරන ගාස්තු වලට නියාමනයක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.
විශේෂයෙන් උසස් පෙළ පංතිවල සිසු සිසුවියන්ගෙන් අධික ගාස්තු සහ පංතිවල දරුවන්ට කියාදෙන කරුණු ආදිය පදනම් කරගනිමින් මේ නියාමනය සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
විශේෂයෙන් මෙරට උපකාර පංති පැවැත්වෙන අවිධිමත් ක්‍රමවේද ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඇතැම් ආයතන දරුවන්ට අවම පහසුකම්වත් සලසා නොදෙන බවටද චෝදනා එල්ලවනවා.


