රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ…

රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර වසා දැමීමට පියවර ගෙන තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමග අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ.

තව ද, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 02 වැනි වගන්තිය යටතේ සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ බව 1990 පෙබරවාරි මස 6 වන දිනැති අංක 596/11 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ද ඈවර කර වසා දැමීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *