ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ එම පක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් අද (15) පැවැත්වේ.
ඒ, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.
දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මෙම හමුවයට කැඳවා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පක්ෂයක් ලෙසගත යුතු ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි.


