සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරයේ ඊයේ (ජූනි 13) දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටියේ සබරගමුව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
“මට ජනාධිපති තුමා පොරොන්දු වුණා මාස 8කට පමණ පෙර මේ තනතුර දෙනවා කියලා. ඉතින් ඒක අද සැබෑ වෙලා තියෙනවා. මේක කැබිනට් ඇමතිවරයෙක්ට සමාන තනතුරක්. පළාත් සභාවක් නැති තැන ආණ්ඩුකාරවරයාට තමයි ඔක්කොම බලතල තියෙන්නේ. ඉතින් මම ඒ බලතල පාවිච්චි කරලා, සබරගමුව පළාතට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”
ආර්ථික අර්බුදය හමුවේ රජය විදයම් කපාහරින අවස්ථාවක පෞද්ගලික අංශයෙන් මුදල් ලබා ගෙන සබරගමුව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔහු එහිදී පැවසීය.
එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා…
“ජනාධිපති තුමාගෙන් ම අපි ඉගෙන ගත්ත දෙයක් තමයි අපි අභියෝගවලට මුහුණ දෙන එක. ඒ කියන්නේ යම්කිසි තැනකට ගිහිල්ලා ඒ අභියෝගය භාර ගන්න අවශ්‍යයි. ඉතින් මම මෙතැනට ගිහිල්ලා විශේෂයෙන් මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක, රජය වියදම් කපාහරින අවස්ථාවක, මම බලාපොරොත්තු වෙනවා මගේ හැකියාවෙන්, විශේෂයෙන් පෞද්ගලික අංශයෙන් මුදල් ලබා ගෙන සබරගමුවේ විශේෂයෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන්න. ඉතින් මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වැනි කාලයක් තුළ මම හිතන්නේ මම එක පෞද්ගලිකව ලබන ජයග්‍රහණයක්.”


