කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එහි සඳහන් කර ඇත්තේ, මේ වන විට දිවයින පුරා සියලු ම පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බව ය.
පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශයට එහි සඳහන් කර ඇත.
ඒ අනුව, දෛනිකව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලක ම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව විජේසේකර මහතා පෙන්වා දී ඇත.


