වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය ගැන සොයා බැලීමට කමිටුවක්…

ලංකා ගමනාගමන මණ්ඩලය(ලංගම) විසින් නිකුත් කරන වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ.

අදාළ කමිටුව මේ වන විට දෙවතාවක් රැස්වී ඒ පිළිබඳව සොයා බැලූ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ ජුනි මස 14 වනදා දක්වා පාසල් සිසුන් සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි.

පාසල් සිසුන්ට වාර ප්‍රවේශපත්‍ර ජුනි මස 16 වැනිදා දක්වා ලබාගත හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජුනි 12 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීම හේතුවෙන් වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *