සබරගමුවේ නව ආණ්ඩුකාරයා ලෙස නවීන් දිසානායක පත් වෙයි…

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක අඟහරුවාදා (13) දිවුරුම් දෙනු ඇති බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බියගම පැවති රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව එම තනතුරෙන් ඉවත් වන බව පෙරේදා 8) ජනාධිපතිවරයාට දන්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *