ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කොළඹ දී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවය.
පසුගිය සමයේ ජංගම දුරකතන මිලදී ගැනීම සියයට 40කින් පමණ අඩුවී ඇත.
සමිත් සෙනරත් එම මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.


