ජනපති හා පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් ලබන සදුදා(12) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්යාලයේ ජේශ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨයන් හා දිස්ත්‍රික් නායකයන් ගෙන්වා ගැනීමට නම් පක්ෂයෙන් අවසර ගතයුතු බවයි.

පක්ෂය හරහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට දන්වන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනුම්දී ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත්, දේශපාලන කාරණා පිළිබදව සාකච්ඡා කරන්නේ නම් පක්ෂ නායකයන් මුලින් දනුවත් කළයුතු බවද මෙහිදී මන්ත්‍රීවරයා දන්වා තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මෙම රැස්වීම පිළිබදව දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *