ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන මාර්ග කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඇතුළු 26දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.


