ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජූනි 8) සවස 4.30ට පැවැත්වෙයි.
බලය බෙදා හැරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත ය.
උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවනු ඇතැයි වාර්තා වෙයි.
දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාට මෙම සාකච්ඡාවට සහභාගි වන්නැයි දැනුම් දී තිබේ.


