නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇති බව කථානායකවරයා පවසනවා.
ඒ අනුව 14 දෙනෙකුගෙන් යුත් එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.


