ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය නියාමනය කිරීමට තීරණයක්…

පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අදාළ අමුද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී ඒවා නියාමනයකට යටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය හා රේගුව එක්ව අද (ජූනි 5) දිනයේදී එයට අදාළ ගිවිසුමක් අස්සන් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.

ලංකාවට ප්ලාස්ටික් හා පොලිතින් නිපදවීමට අදාළ අමුද්‍රව්‍ය අසීමාන්තිකව ගෙන ඒම කළමනාකරණය කිරීම සඳහා මෙසේ රේගුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ගිවිසුම්ගත වන බව බව හෙතෙම කීය.

තවදුරට ත් තම අභිමතය පරිදි නිදහසේ ප්ලාස්ටික් හා පොලිතින් රට තුළට ගෙන ඒමට මින්පසු අවකාශය හිමි නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.

යම් කිසි අයෙක් මෙකී අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නේ නම්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර පතක් ලබා ගත යුතු යැයි ද සභාපතිවරයා පැවසීය.

මෙසේ ගෙන ආ අමුද්‍රව්‍යවලින් සිදුකරන නිෂ්පාදන හා ඒවා බැහැර කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නම් යළිත් එම අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඔවුන්ට අවසර හිමි නොවන බව ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *