ඉන්දියාවේ දුම්රිය තුනක් එකට ගැටී 200ක් මරණයට,ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්…

ඉන්දියාවේ දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මිය ගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය ආපදා කළමනාකරණ ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *