“මේ වෙලාවේ ඇමතිධූර ලබා දිය යුතු නැහැ”- මහින්දානන්ද අලුත්ගමගේ

මේ අවස්ථාවේදී ඇමැතිධුර දීම නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

තමා ඇමැතිකම් ඉල්ලා අඬාගෙන ජනාධිපතිවරයාගේ පස්සෙන් නොයන බවද ඔහු සඳහන් කළේය.

අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍යය හමුවකදී මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකදීය.

මහින්දානන්ද අලුත්ගමගේ මෙසේද සඳහන් කළේය.

”ඇමැති ධූර මම කිසිම දවසක ඉල්ලලා නෑ. ඒ වගේම ඇමතිධූර ඉල්ලලා තර්ජනය කරලාත්  නැහැ. ජනාධිපතිතුමා වගකීමක් දුන්නොත් බාර ගන්නවා. ඒක වෙනම කතාවක්. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා. ඒත් මම ඇමැතිකම් ඉල්ලලා අඬාගෙන පස්සෙන් යන්නෙ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *