ගුරු මාරු වීම් පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් !

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ම ගුරුවරුන් ජූනි මස 12 වන දා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු ය.

යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මගින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බව ද ගුරුවරුන්ට දැනුම් දී ඇත.

තව ද අභියාචනයට යොමු කළ අයැදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *