නෙළුම් කුළුනේ බිත්ති මත කුරුටු ගී ලියූ යුවලක් අත්අඩංගුවට…

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි නෙළුම් කුලුන පෞද්ගලික ආයතනය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *