වසරේ මේ දක්වා සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි!

2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මැයි මාසය තුළ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් සහ රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය යන රටවලින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *