නැගෙනහිර පළාතේ රාජ්‍ය ඉඩම් වල ගංජා වගා කළේ කවුරුන්ද?

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක විවිධ රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම්වල ගංජා වගාකරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එසේ කරන පුද්ගලයන් වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් එම ආයතනවල ප්‍රධානීන්ට දඬුවම් කරන බවත් නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ සෙන්තිල් තොණ්ඩමන් පවසයි.

ආණ්ඩුකාරවරයා පවසන්නේ වගාකරුවන්ට පමණක් දඬුවම් කිරීමෙන් පලක් නොවන බවයි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවන්ට වගකිවයුතු රාජ්‍ය ආයතන නම් කිරීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

“නැගෙනහිර පළාතේ රජයේ ඉඩම්වල ගංජා වගා කරන බවට මට පැමිණිලි ලැබුණා. මම මේ පැමිණිලි ගැන සොයා බලනවා. ඉන් පසුව අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් කටයුතු කරනවා” යැයි ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.

නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස තමා පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම තීරණය ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *