මැතිවරණයක් ලබා ගැනීම සඳහා ජුනි මස 8 වනදා සිට යළි සිය සටන ආරම්භ කරන බව ජාතික ජන බලවේගය පවසනවා.
ඒ අනුව එහි නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 8 වනදා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවයි.
මාර්තු මස 9 වනදා මෙතෙක් සාම්ප්‍රදායිකව දිගු කාලයක් රට පාලනය කළ කණ්ඩායම් අතින් ජාතික ජන බලවේගය වෙත බලය මාරුවීමට නියමිතව තිබූ බවත් රජය ඡන්දය පැවැත්වීමට කටයුතු නොකළ බවයි ඔහු සඳහන් කළේ.
ඡන්දය යනු පොදු ජනතාවගේ අයිතියක් බවත් එය ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග සූදානම් කර ඇති බවත් හම්බන්තොට, අනුරාධපුර, ගම්පහ සහ කොළඹ වට කරන ලද ජනතා සටනකට සූදානම් බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.


