ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය අනුව නිකුත් කරන ඉන්ධන කෝටාව ඉදිරි මාසවලදී ඉහළ දමන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහි දැක්වෙන්නේ, ඉදිරි මාසවලදී සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයේ සිට කෝටාව ඉහළ දැමීම සිදු වන බව ඔහු සඳහන් කර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමග පෙරේදා (මැයි 25) පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එහිදී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භාණ්ඩ සැලැස්ම, මූල්‍ය සහ බෙදාහැරීමේ සැලසුම් ද සමාලෝචනය කර තිබේ.


