රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන රහසිගත ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඊයේ(23) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට දඩ නියම කර මුදා හැර තිබේ.
රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර, අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි.
අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක බවට ගණන් බලා තිබේ.
මන්ත්‍රීවරයා විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති අතර එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව, අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන් 78.2ක් ලෙස ගණන් බලා ඇත.


