රෝගි තරුණියක් නිරුවත් කර අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට…

පෝලියෝ රෝගයෙන් පෙළෙන 26 හැවිරිදි තරුණියක් ඇයගේ මව ඉදිරියේම නිරුවත් කර අපයෝජනයට ලක්කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව, කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කොස්තාපල්වරයෙකි.

කොළඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියකු විසින් මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර සැකකරුගේ සේවයද අත්හිටුවීමට නිර්දේශ වී ඇත.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස්කොස්තාපල්වරයා පෙරේදා (19) නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර, එහිදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 10 000ක මුදලක් අස්ථානගත වී ඇතැයි පවසා ඇත.

මෙම පුද්ගලයාගේ මව අසනීප තත්වයෙන් පෙළෙන අතර ඇය රැකබලා ගැනීමට කොස්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් යොදවා තිබේ. එම කාන්තාව සිය 26 වියේ පසුවන, පෝලියෝ රෝගයෙන් පෙළෙන දියණියක් ද සමග වාසය කරන්නේද සැකකාර පොලිස් නිලධාරියාගේ නිවසේමය.

නිවසේදී සැකකාර පොලිස් නිලධාරියා “රුපියල් 10 000 ක මුදල් දීපං, උඹලා තමයි ගත්තේ” යැයි කියමින් මෙහෙකාර කාන්තාවට චෝදනා කරමින් ඇය සහ ඇයගේ ආබාධිත දියණිය නිවසේ කාමරයක සිරකර, මව ඉදිරිපිටම දියණිය නිරුවත් කර ඇත. පසුව මුදල් වෙනුවට දියණිය විවාහ කරදෙන ලෙස මවටබලපෑමක්ද කර ඇතැයි පැවැසේ.

මේ සම්බන්ධයෙන් ආබාධිත තරුණියගේ මව විසින් කරන ලද පැමිණීල්ලට අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ(20) අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *