මේ දිනවල අධිවේගි මාර්ග භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්!

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබා ගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියැදුරන්ට දැනුම් දෙයි.

එමෙන් ම, වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා වාහනය පදවන ලෙසට ද දැනුම් දී ඇත.

තව ද අඳුරු ආලෝක තත්ත්වයක් පවතින බැවින්, ඉදිරිපස ප්‍රධාන පහන් දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරට ත් අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියැදුරන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *