ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉල්ලා අස්කරගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති ලිංගික අපයෝජන චෝදනා 04න් 03ක්ම ඉවත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සමග මිත්‍රව, ඇයගේ කැමැත්තෙන් තොරව දූෂණය කළ බවට ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ලවී ඇත.

32 හැවිරිදි ධනුෂ්ක පසුගිය වසරේ සිඩ්නි හි ඔහුගේ කණ්ඩායමේ හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, නොවැම්බර් 02 වැනිදා සිදු වූ බව කියන අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ චෝදනා හතරකට චෝදනා එල්ල විය.

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවා තිබුණේය.

සිඩ්නි පොලීසිය මෙලෙස චෝදනා ඉවත්කරගැනීම සම්බන්ධයෙන් නීතිඥයෝ අධිකරණය හමුවේ කරුණු හෙළිකළහ.

නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *