ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළාය.
එහිදී හර්ෂිතා මාධවී සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තා ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශයට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි.
උදේශිකා ප්‍රබෝධනී, කාව්‍යා කාවින්දි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා ය.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ජයගැනීමත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්විපාර්ශවික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.


