කොළඹ ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහනක්!

කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ, බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙනි. 

කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී මහතා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එම තත්ත්වය පාලනට කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි. 

කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් හමු වී ඇති අතර ඊට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය.

දින දෙකකට වඩා උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන්නැයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී මහතා ජනතාවට දැනුම් දෙයි.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 කට අධිකයි. 

ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *