කළුතර සිසුවියගේ මරණය සම්බන්ධව තවත් කාන්තාවක් අත්අඩංගුවට

කළුතර ලැඟුම් හලක පස්වෙනි මහලින් වැටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි ටිහාරා නිර්මාණි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කාන්තාවක අද(11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවිය රැඳීසිටි කළුතර ගාලුපාරේ පිහිටි අදාළ ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිඳව බව පොලීසිය කියයි.

ඇය කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හට ඇතුළත් කරගෙන ඇති බව සඳහන් ය.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවයස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අද පස්වරුවේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *