තම දහතුන් හැවිරිදි පිරිමි දරුවා අපයෝජනය කළ පියා අත්අඩංගුවට…


දහතුන් හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළ එම දරුවාගේ පියා අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ පෙරේදා (08) දින රාත්‍රියේ ඔහු අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ නිවසේ නිදා සිටි තම දරුවා අපයෝජනයට ලක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම දරුවා සිය පියා නින්දට ගිය මොහොතේ නිවසින් එළියට පැමිණ විදෙස්ගතව සිටින තම මවට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම කියා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ දරුවාගේ මව ඇයගේ සොයුරියට විස්තර පවසා දරුවා ඇය භාරයට ගැනීමට කටයුතු සලස්වා ඇත.

කෙසේවෙතත්, පසුගිය 08 වන දා අහුන්ගල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇති අතර සැකකරුව අහුන්ගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *