හිටපු නීතිපති දප්පුල ද ලිවේරාව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.
හිටපු නීතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සම පසුගිය 05 වනදා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ, තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවයි.
මේ හේතුවෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක ඉදිරිපත් කර තිබෙනවා.


