සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පියත් නිකේෂලට මෙම පහරදීම සිදුකර ඇත්තේ අද (10) පස්වරුවේ බත්තරමුල්ල කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදීය.
පහරදීමෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට වැඩදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


