කුඩා දැරියන්ගේ  ඡායාරූප ව්‍යාජ ෆේස්බුක් පිටුවක පළ කර අසැබි වදන් යෙදූ ගිණුම් ලිපිකරු අත්අඩංගුවට

ෆේස්බුක් මාධ්‍ය තුළ” ,නිලූ, නිලු පුංචි කෙලි පොඩ්ඩ” යන නමින් ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ,පරිගණක අපරාධ කොට්ඨාසය, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු ගිණුම් ලිපිකරුවෙකු වශයෙන් සේවය කරන 40 හැවිරිදි එක් දරු පියෙකි 

පුහුණු පොතක පළකර තිබූ තම කුඩා දියණිය ගේ ඡායාරූපයක්  ව්‍යාජ ෆේස්බුක් පිටුවක පළ කර  සම්මතයට නොගැලපෙන  විවිධ වාක්‍ය සහ පරුශ වචන ඇතුළත් විවිධ වාක්‍ය යොදා අන්තර්ජාලයට යොමු කර ඇති බවට පියෙකු කරන ලද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරු ඒ ආකාරයෙන් කුඩා දැරියන්ගේ ඡායාරූප ව්‍යාජ ෆේස්බුක් ගිණුමට යොදා දැරියන් වෙනුවෙන් ලබාදෙන ලංසුව කියද ? ආදී වශයෙන්  පහත් අදහස් ඇතුළත් වැකි යොදා තිබූ බව පොලිසිය කියයි

 ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. වි .අයි. ගයශ්‍රී මහතාගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික තොරතුරු හුවමාරු ක්‍රමවේදය ඔස්සේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු හා ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් ආරම්භ කිරීම සඳහා භාවිතා කරන ලද අයි පි තොරතුරු මෙන්ම දුරකථන වාර්තා නම් කරගෙන සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත 

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලෙස සිදු කළේ ඇයි දැයි ප්‍රශ්න කිරීමේදී  ඒ සඳහා විවිධ පුද්ගලයන් යොදන අදහස් බලා සතුටක් ලබන බව සැකකරු ප්‍රකාශ කල ඔබ පොලිසිය කියයි

හතළිස් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු භාරයේ සිටි හත් හැවිරිදි ඔහුගේ පිරිමි දරුවා මිත්තණියට භාරදීමට දීමට කටයුතු කළ බව  පොලිස් නිලධාරියකු පැවැසීය 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පරිගණක අපරාධ කොට්ඨාසයේ  ජේෂ්ඨ පොලිස් අධිකාරි ලකි රන්දෙණිය  මහතාගේ උපදෙස් මත  සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි වි අයි ගයශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 71191 මහේෂ්  පොලිස් කොස්තාපල්වරුන් වන 97642 ජයවර්ධන ,29826 ගයාන් විජේසුන්දර ,93484 නිරෝෂන් ,97263 ගුණතිලක ,80364 අශෝක මහත්තුරු පරීක්ෂණ පවත්වයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *