දෙහිවල පුද්ගල ඝාතනයට දාහතරක් අත්අඩංගුවට

දෙහිවල රෝහල් පාර  ප්‍රදේශයේදී වායු සමීකරන සමීකරණ අලුත්වැඩියා කරන ආයතනයක් තුළ දී පුද්ගලයින්  දෙදෙනෙකුට අතින් පයින් සහ පොලූවලින් පහරදී එයින් එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 කු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි

පහර දීමට යොදා ගත් බව කියන  පොල්පිත්තක් ලි මුගුරු  කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත

එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති  27 හැවිරිදි පුද්ගලයෙකි.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු පැන යාමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් මෙම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසීය

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබූ අතර එක් අයෙකු මද වේලාවක දී මියගොස් තිබිණි

 දින කිහිපයකට ඉහත දී එම ස්ථානයේ තිබූ තඹ කම්බි කිහිපයක් නැතිවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඇති  හිමිකරු හා සේවකයන් සීසීටීවී කැමරාවේ දර්ශන ජංගම දුරකථනයෙන් නැරඹිය හැකි ලෙස එදින සිට සකස්කර ගෙන තිබූ බව පොලිසිය කියයි

පෙරේදා( 9 )අලුයම 2ට පමණ පුද්ගලයකු එම ආයතනයේ ගේට්ටුව ඉදිරිපිටට පැමිණ හිස් පෝර උර කීපයක් ආයතන භූමියට විසිකර ආයතනය දෙස බලමින් පුද්ගලයෙකු ඒ මේ අත  ඇවිදිමින් සිටින අයුරු එම ආයතනය ආසන්නයේ බෝඩිමක රැඳී සිටින සේවකයන් ට ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයට දිව විත් එම පුද්ගලයා අල්ලාගෙන ආයතනය තුළට ඇද ගෙන ගොස් පහර දී ඇති බව  මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව එම පුද්ගලයා සමඟ පැමිණි අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් විමසා ඔහු ලවා දුරකථන ඇමතුමක් ලබාදී එම පුද්ගලයා ද එම ස්ථානයට ඒ ආකාරයෙන්ම පහර දී තිබූ බව පොලිසිය කියයි

පසුව සැකකරුවන් පිරිස එම පුද්ගලයන් දෙදෙනාට පහර දුන් ස්ථානය  සෝදා පවිත්‍ර කර ඇතැයිද පොලිසිය කියයි.

 අළුයම දෙකේ සිට පමණ සිට පුද්ගලයන් දෙදෙනා අල්ලා ගෙන පහර දී තිබූ සැකකරුවන් ඔවුන් පොලිසිය වෙත රැගෙන විත් ඇත්තේ පැය 8 කට පමණ පසු පෙරවරු 10ට පමණ බවත් පොලිසිය කියයි.

 පුද්ගලයන් රැගෙන ඒම සඳහා පුද්ගලයන් 14 දෙනෙකු ලොරියක සහ වෑන් රථයක නැගී  පැමිණ තිබූ බව පොලිසිය කියයි

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි 

මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර මහේස්ත්‍රාත්  පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස  කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රමිතිය

 අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා නිලාවේලි අවිස්සාවේල්ල කළුතර බණ්ඩාරගම ගාල්ල බේරුවල කන්තලේ හැටන් හා රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය,පොලිස් අධිකාරී සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  එච් එම් ඒ ඩි  හේරත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *