පා පැදි වලින් වෙසක් සිරි නරඹන්න යන අයට පොලිසියෙන් දැනුම්දීමක්!

පාපැදි භාවිත කරමින් වෙසක් සිරි නැරඹීමට යන පුද්ගලයින් තම ආරක්ෂාව පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකය.

වෙසක් කලාපවල සහ සිද්ධස්ථානවල ආරක්ෂාව ද තර කර ඇතැයි පොලීසිය පවසයි.

වෙසක් කලාප ආශ්‍රිතව අදත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *